පියයුරු පිළිකා හඳුනාගමු කල් නොදමා...
පියයුරු පිළිකාව කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකා වර්ගයකි. මෙය බහුලව ඇති වන්නේ වයස අවුරුදු 50 ට වැඩි කාන්තාවන්ටයි. යම් හෙයකින් ඔබේ පියයුරු වල ගැටිත්තක් හෝ වෙනයම් ආකාරයක වෙනස්කමක් දුටුවහොත් වහාම වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුයි. පියයුරු පිලිකාව මුලින් හදුනාගත හොත් සුව කළ හැකියි. පිළිකාව වඩා පැතිරී ඇත්නම් සුව කිරීමට අපහසු වේ. කෙසේ වෙතත් එවන් පිළිකා තත්ත්වවලට ප්‍රතිකාර කිරීම මගින් පිළිකාව වර්ධනය වීම වළක්වා ගත හැක.
- අවදානම් සාධක
පියයුරු පිළිකාවක් හට ගැනීමට නිශ්චිත හේතුවක් නොමැති වුවත් පහත සදහන් අවදානම් තත්ත්ව නිසා පිළිකාව සෑදීමේ අවදානම වැඩිවේ.
x වයසට යාම - පියයුරු පිළිකා සෑදීමේ අවදානම දල වශයෙන් සෑම අවුරුදු 10 කටම දෙගුණ වේ. වැඩිපුරම පියයුරු පිළිකා ඇතිවන්නේ වයස අවුරුදු 50ට වැඩි කාන්තාවන්ටයි.
x පවුල් ඉතිහාසය - පවුලේ ඥාතියෙකුට පියයුරු පිළිකාව සෑදී ඇත්නම් අවදානම වැඩියි. විශේෂයෙන් එම ඥාතියා පිළිකාව හදුනා ගැනීමේදී වයස අවුරුදු 50ට අඩු නම් අවධානම වැඩි වේ.
x මෙයට පෙර පියයුරු පිළිකාවක් සෑදී තිබුනේ නම් එවැනි අයට ද අවදානම වැඩිය.
x දරුවකු නොසිටීම හෝ පළමු දරු උපත වයස අවුරුදු 30 ඉක්මවා ගිය පසු සිදු වීම.
x වයස අවුරුදු 12 ට පෙර ඔසප් ආරම්භ වීම.
x වයස්ගත වී ඔසප් නැවතීම. (අවුරුදු 55න් පසු)
x අවුරුදු 50 ට වැඩි කාන්තාවන් දීර්ඝ කාලීනව හෝමෝන ප්‍රතිකාර ලබා ගැනීම.
x වඩා විශාල පියයුරු තිබීම.
x පිළිකා නොවන පියයුරු සම්බන්ධ රෝගයන් මීට පෙර සෑදී තිබීම.
x දෛනික පුරුදු - ව්‍යායාම අඩුකම.
x ආර්තවහරණයෙන් පසු ඇති වූ ස්ථූලතාවල අධික ලෙස මත්පැන් පානය කිරිම.
x රාත්‍රි කාලයේ සේවයේ යෙදීම - මෑතක දී කළ පර්යේෂණයකට අනූව රාත්‍රි කාලයේ සේවයේ යෙදෙන කාන්තාවන්ට සුළු අවධානමක් පවතින බව සොයාගෙන ඇත.
බොහෝ කාන්තාවන් හට මාස් ශුද්ධියට පෙර තම පියයුරු ගැටිති ස්වභාවයක් ගන්නා බව දැනෙන අතර වේදනාවක්ද හට ගනී. වියපත් වන විට ගර්භනී භාවයට පත්වන විට හා තම සිරුරේ බර විශාල වශයෙන් වෙනස් වන විට පියයුරුවල විශාලත්වය හා හැඩය වෙනස් වේ. නමුත් වඩාත් වැදගත් වන්නේ ඔබ ඔබගේ පියයුරු වල ස්වභාවය මුල සිටම දැන සිටීම හෝ යම් අන්දමක වෙනස්කමක් දුටු විට වහාම වෛද්‍යවරයකු වෙත යොමු වීමයි.
- පියයුරේ පැතිකඩ ...
පිළිකාමය ගැටිති ඇති වන්නේ එක් අසාමාන්‍ය සෛලයකිනි. සෛලයක් අසාමාන්‍යතාවයකට පත්වන්නේ කෙසේදැයි හේතු සොයාගෙන නැත. නමුත් යම් ජාන විකෘතිතාවයක් නිසා මෙසේ සිදුවන බවට සමහරු ප්‍රකාශ කර ඇත. එමගින් සෛලය අසාමාන්‍ය ලෙස වර්ධනය විමට පටන් ගනී.
- රෝග ලක්ෂණ
වඩාත්ම බහුල රෝග ලක්ෂණය වන්නේ වේදනා රහිත ගැටිත්තක් හට ගැනීමයි. නමුත් සෑම පියයුරු ගැටිත්තක්ම පිළිකාවක් නොවේ. බොහෝ පියයුරු ආශ්‍රිත ගැටිති දියර පිරුණු ගැටිති හෝ පිළිකා නොවන (ෆයිබ්‍රොඇසිනෝමා) ගැටිතිය. නමුත් වඩාත් වැදගත් වන්නේ ඔබ ගැටිත්තක් දුටුවොත් වහාම වෛද්‍යවරයකු වෙත යොමු වීමයි.
මීට අමතරව පහත සදහන් රෝග ලක්ෂණ ද ඇති විය හැක.
x පියයුරේ හැඩය හෝ ප්‍රමාණය වෙනස් වීම.
x සමේ වලවල් සහිත ස්වභාවයක් හෝ ඝණ වීමක් ඇති වීම.
x තන පුඩුව ඇතුළට එබුණු ස්වභාවයක් ගැනීම.
x තන පුඩුවෙන් ශ්‍රාවයක් නිකුත් විම. (විශේෂයෙන් රතු පැහැති)
x තනපුඩුව ආශ්‍රිතව හමේ ආසාදන තත්වයක් ඇති වීම.
x කලාතුරකින් පියයුරු වල වේදනාවක් හට ගැනීමට පුළුවන. නමුත් බොහෝ විට පියයුරු වල වේදනාව හට ගන්නේ ආසාදිත තත්වයක් නිසාය. බොහෝවිට වේදනාව පිළිකාවක් නිසා හට නොගනී.
පියයුරු පිළිකාව පැතිරෙන විට මුලින්ම ගමන් කරන්නේ කිහිල්ලේ තිබෙන වසා පද්ධති ගැටිති වලටයි. එසේ වූ විට කිහිල්ලේ යට ගැටිත්තක් හෝ ඉදිමුණු ස්වභාවයක් දැකිය හැක. පිළිකාව ශරීරයේ වෙනත් ස්ථානවලට පැතිරෙන විට ඊට අදාලව නොයෙකුත් රෝග ලක්ෂණ ඇති විය හැක.
- පියයුරු පිළිකා – පිරිමි
පිරිමින්ටද පියයුරු පිළිකා වැළදෙන බව බොහො අය නොදන්නා කරුණකි. කෙසේ වෙතත් පිරිමින්ට තන පුඩුව පිටුපසින් ඇත්තෙ පියයුරු සෛල ස්වල්ප ප්‍රමණයක් පමණි. මෙම ස්ථානයෙ පියයුරු පිළිකා සෛල වැඩේ.
- පියයුරු පිළිකා : පිරිමි රෝග ලක්‍ෂණ
x තනපුඩුව යට හෝ අන්තරාලයෙ ඇතිවන වේදනා රහිත ගැටිත්ත
x පියයුරු වල ප්‍රමාණයෙ හෝ හැඩයෙ ඇතිවන වෙනස්කම්
x යටිකුරු වූ තනපුඩුව
x තනපුඩුවේ ඇතිවන කුෂ්ඨය
x තනපුඩුවෙන් විසර්ජනය වීම හෝ රුධිරය වහනය
x කිහිල්ල ඉදිමීම හෝ ගැටිත්තක් ඇතිවීම
x පියයුරු වල සමේ වණයක් ඇතිවීම
👉 ප්‍රතිකාර ක්‍රම...
පියයුරු ගැටිත්තක් සමග පැමිණෙන කාන්තාවක්ල මුලින්ම වෛද්‍යවරයා විසින් පරීක්ෂා කර බලයි. ඒ සදහා මුලින්ම පියයුරු දෙකත් ඒ සමගම කිහිලි යටත් පරීක්ෂා කෙරේ. පසුව ඒ පිළිබද විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කෙරේ. අනතුරුව කාන්තාව පහත සදහන් පරීක්ෂණ සදහා යොමු කරයි.
x මැමෝග්‍රම් පරීක්ෂණය
x අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණය
x MRP පරීක්ෂණය - මෙය විශේෂයෙන් සිදු කරනුයේ වයස අඩු කාන්තාවන්ටයි. විශේෂයෙන්ම පවුලේ ඥාතියෙකුට පියයුරු පිළිකාව වැළදී තිබුනේ නම්.
x ඡෙවේක්ෂ (බයොප්සි) පරීක්ෂාව - මෙහිදී ගැටිත්තෙන් කුඩා කොටසක් ගෙන අන්වීක්ෂයක් යටතේ අසාමාන්‍ය සෛල ඇත්දැයි පරීක්ෂා කෙරේ. වෛද්‍යවරයා විසින් කුඩා කටුවක ආධාරයෙන් ගැටිත්තෙන් සෛල ලබා ගනී. සමහර විට අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණය ආධාරයෙන් මනාව ස්ථානගත කර කටුව යවා මෙය සිදු කරයි. තවත් පටක කුඩා ශල්‍යකර්මයක් මගින් මෙම ගැටිත්තෙන් කොටසක් ගෙන පරීක්ෂණය සිදු කෙරේ.
බයොප්සි පරීක්ෂාව මගින් පියයුරු ගැටිත්ත පිළිකාවක්දල පිළිකා නොවන ගැටිත්තක්ද කියා තහවුරු කළ හැක.
ඔබ පියයුරු පිළිකාවකින් පෙළෙන බව පරීක්ෂණය මගින් තහවුරු වුව හොත් එය පියයුරෙහි ඔබ්බට පැතිරී ඇත්දැයි බැලීමට තවදුරටත් පරීක්ෂා කළ යුතුය. බොහෝවිට ලේ පරීක්ෂණල අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණ (අක්මාව සදහා) පපුවේ X -පසු පරීක්ෂාවල අස්ථි බැලීමට ස්කෑන් පරීක්ෂණ (Bone Scan) යන පරීක්ෂණ සිදු කර මෙමගින් රෝග තත්ත්වය යම් ආකාරයකට වර්ගීකරණයක් කළ හැක.
මෙසේ රෝගය වර්ගීකරණය කිරීමේ අරමුණු:
x ගැටිත්ත වර්ධනය වී ඇති ප්‍රමාණය නිර්ණය කිරීම.
x පිළිකාව එම පැත්තේ වසා ගැටිති වලට පැතිරී ඇත්දැයි බැලීම.
x පිළිකාව පියයුරෙන් පිටත අවයව වලට විසිරී ඇත්දැයි බැලීම. එමගින් වෛද්‍යවරයාට ප්‍රතිකාර ක්‍රමය පිළිබද නිගමනයකට එළඹිය හැකිය.
x පියයුරු පිළිකාවට කරන ප්‍රතිකාර අතරින් ශල්‍යකර්මයකට භාජනය කිරීම. එන්නත් මගින් ඖෂධ ලබා දීම හා විකිරණ මගින් ප්‍රතිකාර කිරීම මුල් තැනක් ගනී. බොහෝ විට මින් ක්‍රම කිහිපයක් එක් කර ප්‍රතිකාර කිරීම දක්නට ලැබේ. කරනු ලබන ප්‍රතිකාර ක්‍රමය පහත සදහන් කරුණු මත තීරණය වේ.
x පිළිකාවේ ස්වභාවය - පිළිකාවේ විශාලත්වය හා වර්ගීකරණය
x රෝගියාගේ ස්වභාවය - වයස, ආර්තවහරණය වී ඇත්ද යන්න, රෝගියාගේ ශරීර සෞඛ්‍ය, රෝගියාගේ කැමැත්ත
x ප්‍රතිකාර ක්‍රමයට එළඹීමට රෝගියා වෛද්‍යවරයා සමග දීර්ඝ සාකච්ඡාවක යෙදිය යුතුය. එවිට ප්‍රතිකාර ක්‍රමයෙන් ලැබෙන වාසි, අතුරු ආබාධ, තිබෙන ප්‍රතිකාර ක්‍රම ගැන රෝගියාට දැනුවත් විය හැකියි.
x වෛද්‍යවරයා සමග කරන සාකච්ඡාවේ දී ප්‍රතිකාරවල අරමුණ ද සාකච්ඡා කළ යුතුයි.
》 සුවවීමේ ප්‍රවණතාව
පියයුරු පිළිකා නිසා සිදුවන මරණ සංඛ්‍යාව පසුගිය වසර 40 තුළ සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇතග. මෙයට ප්‍රධානතම හේතුව නම් ප්‍රතිකාර ක්‍රමවල ඇති වී ඇති දියුණුවයි. පිළිකාවේ ප්‍රමාණය ඉතා කුඩා නම් හා පිළිකාව පැතිරී නැත්නම් පිළිකාව ප්‍රතිකාර මගින් සුවකළ හැක.
wedagath lipiyak
ReplyDeletekiyawanna watina lipiyak
ReplyDelete