Search This Blog

Thursday, August 16, 2018

ඇන්ඩ්‍රොයිඩ් මේනියාව......


ඇන්ඩ්‍රොයිඩ් මේනියාව......   

ජංගම දුරකතනයක දෘඪාංග සහ මෘදුකාංග අතර සම්බන්ධතාවය ගොඩ නැගීම සදහා නිර්මාණය කරන ලද මෙහෙයුම් පද්ධති හදුන්වන්නේ මොබයිල් මෙහෙයුම් පද්ධති වශයෙනි. වර්තමාන ලෝකයේ මොබයිල් මෙයෙයුම් පද්ධති බොහොමයක් දැක ගැනීමට හැක. ( Android OS, Symbian OS iphone OS (IOS), BlackBerry OS, Windows Phone 7 (Windows Mobile), Palm OS (Garnt OS), Palm web OS, Bada, Meamo OS, MeeGo OS) මේ ආදී වශයෙන් බොහොමයක් මෙහෙයුම් පද්ධති තිබේ. මේ අතරින් මෑත කාලයේ ජනප‍්‍රියම දුරකතන මෙහෙයුම් පද්ධතිය ලෙස සැලකන්නේ ඇන්ඩ්‍රොයිඞ් මෙහෙයුම් පද්ධතියයි. වර්තමාන ලෝකයේ දුරකතන තුළ වැඩියෙන්ම භාවිත වන්නේ ඇන්ඩ්‍රොයිඩ්ය. ජංගම දුරකථන ක්ෂේත‍්‍රයේ මහා පෙරළියක් ඇති කළ ද මෙම මෙහෙයුම් පද්ධතිය අනෙකුත් මෙහෙයුම් පද්ධති අතරින් විශේෂයි. 

මීට වසර 14ට  පෙර එනම් 2001 වසරේ දී ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ගොඩනැංවීම ඇරඹුණි. එවකට මෙහි නිපැයුම්කරුවන් ලෙස කටයුතු කරනු ලැබුවේ ඇමෙරිකානුවන් පිරිසකි. ඔවුන් ඇන්ඩි රූබින්, රීච් මයිනර්, ක‍්‍රිස් වයිට් සහ ෂියර්ස් යන පිරිසයි. මෙම පරිගණක වැඩසටහන් නිර්මාණකරුවන් එකතුවෙන් භාවිත කරන්නාගේ  ඕනෑ එපාකම් වලට ගැලපෙන අයුරින් මෙම වැඩසටහන නිර්මාණය කිරීම ඇරඹුණි. ඒ අනුව වසර 2003 දී මොවුන් විසින් ඇන්ඩ්‍රොයිඩ් ඉන්කෝපරේශන් සමාගම පිහිටුවා ගත්තේය. එහෙත් මොවුන් විසින් පිහිටුවා ගත් මෙම ඇන්ඩ්‍රොයිඞ් ඉන්කෝපරේශන් සමාගම සාර්ථකත්වයට පත්කරගැනීමට නොහැකි විය. ආදායම් උපයා ගැනීමට නොහැකි විම නිසා මෙම සමාගම බන්කොලොත් භාවයට ඇද වැටෙමින් සිටියේය. මෙකල්හි ගූගල් සමාගම ඇන්ඩ්‍රොයිඩ් සමාගමට අත දිගු කළේය. ඒ අනුව ගූගල් සමාගමෙන් ඇන්ඩි රූභීන් අලූත් පිරිසත් සමගින් මෙම ඇන්ඩ්‍රොයිඩ් ඉන්කෝපරේශන් 2005 දී මිලදී ගත්තේය.

ගූගල් සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් ඉන්කෝපරේශන් සමාගම මිලදී ගැනීමෙන් පසුව ගූගල් සමාගමේ සේවකයන් සහ ඇන්ඩි රූභීන්ගේ මූලිකත්වයෙන් මෙම මොබයිල් උපාංග සදහා නව ආරයේ මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීම ඇරඹුණි. ගූගල් ඇන්ඩ්‍රොයිඞ් යන නමින් ආරම්භ කළ මෙය, 2007 වසරේ දී මෙහෙයුම් පද්ධතිය ගොඩනංවා අවසන් විය. 

මෙම මෙහෙයුම් පද්ධතිය ගොඩ නැගුණේ  ඕපන්සෝස් මාදිලියේ මෘදුකාංගයක් ලෙසටයි. එනම්, මෙය නිර්මාණය කරනු ලැබුවේ ලිනක්ස් කර්නල් ප‍්‍රධාන කේත සටහන පාදක කොට ගෙනය. Linux ලෙස හදුන්වනු ලබන්නේ Operating System එකකි. මෙය නිර්මාණය කරන්නේ විවෘත මෘදුකාංග (Open Source)මෙහෙයුම් පද්ධතියක් ලෙසයි. මෙය වැඩි දියුණු කිරීම සහ බෙදා හැරීම සදහා හිමිකම් අහුරා නොමැත. ඕනෑම අයෙකුට විවිධ ආකාරයෙන් දියුණු කිරීමට හැකිය. එහෙත් අනෙකුත් මෙහෙයුම් පද්ධති සදහා හිමිකම් අහුරා තිබීම නිසා නිතීයෙන් දඩුවන් ලැබිය හැක. Linux ලෙස හදුන්වනු ලබන්නේ Linux Kernel වන අතර මෙය සියලුම Linux Operating System එකකම  තිබෙන කොදු නාරටිය ලෙස හදුන්වනු ලබයි. මෙහි නිර්මාතෘ Linus Torvalds වන අතර මෙය පළමුවෙන්ම ලෝකයට මොහු විසින් ඉදිරිපත් කරන ලද්දේ 1991 වසරේදීය.

මොහු උපත ලැබුවේ වසර 1969 දෙසැම්බර් මාසයේ 28 දින Finland හි Helsinki ්ප‍්‍රදේශයේය. ඇමෙරිකාවේ මෘදුකාංග ඉංජිනේරු තාක්ෂණය, Software Engineerසහ Hacker අධ්‍යාපනය මැනවින් නිම කරන ලදි. පසුව මොහු විසින් Linux Kernel  නිර්මාණය කිරීම අරඹන ලදි. Linux Kernel හි මූලික ශිල්පියා ලෙසට පත්වෙමින් දැනට ඔහු ව්‍යාපෘති සම්බන්ධකයා ලෙස ක‍්‍රියාකරමින් සීටි. 

ලිනක්ස් ආරම්භයේ දී මෙය නිර්මාණය කරන ලද්දේ Intel x86  (32bit) Personal Computer පුද්ගල පරිගණක සදහාය. අනෙකුත් මෙහෙයුම් පද්ධති වලට වඩා පරිගණකයෙහි දෘඪාංග ආරක්ෂා කිරීමේ හැකියාවත් Linux Kernel  සතුව පවතී. අද වන විට මෙය ශීඝ‍්‍ර වශයෙන් දියුණු වෙමින් Servers, Mainframe Computerසහ Supper Computer සදහා භාවිත කරන මෙහෙයුම් පද්ධති දක්වා වැඩි දියුණු කරන ලද තාක්ෂණයකින් යුක්තය. ඒ වගේම Linux Kernel  උපයෝගී කරගනිමින් Mobile Phones, Tablet Computer, Network Routers, Televisions Video game පාලන පුවරු වගේම Android ජංගම දුරකතන මෙයෙයුම් පද්ධතිය පවා මේ ආධාරයෙන් ගොඩ නංවා තිබේ. 

මෙම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කිරීම සදහා ක‍්‍රමලේඛන භාෂා හතරක් උපයෝගී කරගෙන තිබේ. ඒ වගේම එම භාෂා හතරෙන් කේත කිරීමේ දී බොහොමයක් කේත සටහන් ලියා තිබේ.  XML (කේත පේළි ලක්ෂ 30), ක්‍ (කේත පේළි ලක්ෂ 28), java (කේත පේළි ලක්ෂ 21), C++ (කේත පේළි 17.5) යොදාගෙන නිමවා තිබේ. මෙම මෙහෙයුම් පද්ධතිය  Open Source මාදිලියෙන් නිර්මාණය කරවීම නිසා කාටත් නොමිලේ ලබාගෙන, තමන්ට  ඕනෑ හැටියට වෙනස් කොට භාවිත කිරීමේ අයිතිය හිමිවනු ඇත. එහෙත් ගූගල් සමාගමෙන් ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් මෙහෙයුම් පද්ධතියෙහි අයිති කරුවා ලෙසට ඕපන් හෑන්ඩ්සෙට් එලායන්ස් (Open Handset Allianceනැමැති සමාගම පිහිටුවා ගත්හ. මේ නිසාවෙන් යම් පුද්ගලයෙන් ඇන්ඩ්‍රොයිඞ් මොබයිල් මෙහෙයුම් පද්ධතිය දරඳඩු පිළිවෙළකට වෙනස් කර භාවිත කිරීමේ හැකියාවක් නොමැත.

මෙම සමාගම පිහිටුවනු ලැබුවේ ලෝක ජංගම දුරකතන උපාංග නිෂ්පාදනය කරන ආයතනවල එකතුවෙනි. මෙහි පරමාර්ථය වන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට උචිත අයුරින් ජංගම දුරකථන නිර්මාණය කිරීම සහ අලුත් උපාංග වලට ගැලපෙන අයුරින් ඇන්ඩ්‍රොයිඞ් මෙහෙයුම් පද්ධතිය වැඩි දියුණු කිරීමේ මාවත් තොරා බේරා ගැනීමයි. 

මෙම නිර්මාණ සහ සමාගම් පිහිටුවා ගැනීමෙන් අනතුරුව 2008 වර්ෂයේ සැප්තැම්බර් 20 වැනිදා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙහි සම්පූර්ණ කේත සටහනම ගූගල් සමාගම විසින් මහජනයාට ප‍්‍රසිද්ධ කරන ලදි. මෙම කේත සටහන ඔවුන් විසින් ප‍්‍රසිද්ධ කරනු ලැබුවේ මෙම කේත සටහනට ගැලපෙන අයුරින් විවිධ වැඩසටහන් (Application)හෙවත් (App) නිර්මාණය කරන ලෙසට දන්වා සිටිමිනි. 

මෙහි දී පරිශිලකයන් විසින් නිර්මාණය කරන ලද ඇප්ස් හුවමාරු කරන ස්ථානයක් ලෙස Android Market නැමති ස්ථානය, (වර්තමානයෙහි මෙය Google Play බවට පත්ව ඇත) ප‍්‍රධාන කේත සටහන මහජනයා අතට නිකුත් කිරීමට පෙර සකස් කර තිබුණි. මේ අනුව නිර්මාණය කරන ලද ඇප්ස් මාකර්ට් හරහා හුවමාරු කිරීමේ හැකියාව ලැබුණි. ඇප්ස් නිර්මාණ කරුවන් විසින් නිර්මාණිත මෙම ඇප්ස් නොමිලේ ලබා දෙන්නටත් පුළුවන්, ගූගල් සමාගමට විකුණන්නටත් පුළුවන්, මේ අයුරින් ගූගල් වෙතින් මිලදීගත් ඇප්ස් බොහොමයක් ඇන්ඩ්‍රොයිඩ් වෙළදපොළෙහි විකිණීමට තිබේ. මේ අතර නොමිලේ ලබාදෙන ඇපස් ද විශාල සංඛ්‍යාවක් තිබේ. 

ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණ මෙහෙයුම් පද්ධතියක් ලෙස බොහෝ දෙනා පිළිගනී.  ඕනෑම මොබයිල් උපාංගයකට ගැලපෙන අයුරින් මෙය නිර්මාණය කර තිබේ. ජංගම උපාංගයක් නිර්මාණය කරන්නෙකුට හෝ ජංගම උපාංග සම්බන්ධතා ලබාදෙන්නෙකුට, මේ සැමට අවශ්‍ය පසුතලය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය තුළ නිර්මාණය කර තිබේ. මේ නිසාවෙන් ජංගම උපාංග නිෂ්පාදන කරුවන් විසින් මෙම මෙහෙයුම් පද්ධතිය තම නිෂ්පාදන සදහා තෝරා ගැනීමට හේතු වී තිබේ. 

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඇති ජංගම දුරකතනයක් හෝ ජංගම උපාංගයක් එය භාවිත කරන්නාගේ කැමති සෑම සේවාවක්ම සැපයීමට ක‍්‍රියා කරයි. එම ගුණාංගය ලැබෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් වෙළදපළ මගින් ලබාගත හැකි ඇප්ස් නිසාවෙනි. ඇන්ඩ්‍රොයිඩ් වෙළදපළ  නිකුත් කළ දින වල මෙහි පැවතුණේ ඇපලිකේෂන් ස්වල්පයකි. වසර 2009 මාර්තුවේදී මෙහි තිබෙන ඇප්ස් ගණන 2300 කි. 2011 ඔක්තොම්බර් මාසයේ ඒ ගණන 319,000 බවට ගණන් බලා තිබේ. 2011 වර්ෂ අවසානය වන විට ඇන්ඩ්‍රොයිඩ් වෙළදපළ හරහා ලබාගත හැකි ඇප්ස් ප‍්‍රමාණය 350,000 ක් පමණ වෙතැයි අපේක්ෂා කෙරේ. මෙම වෙළදපළ ආරම්භයේ සිට අද දක්වා මෙමගින් මහජනතාව බාගත කරගෙන ඇති ඇප්ස් ප‍්‍රමාණය බිලියන 10ක් හෙවත් කෝටි දහසක්වත් වේවි යැයි අපේක්ෂා කරන අතර, ඒවා තවමත් හරියටම ගණන් බලා නොමැත. ලොව පුරා සිටින මෘදුකාංග නිෂ්පාදන කරුවන් 10,200 පමණ ගූගල් සමාගම වෙත ඇප්ස් තවමත් විකිණීම සිදු කරයි. 

ඇන්ඩ්‍රොයිඞ් මෙහෙයුම් පද්ධතියේ පළමු වාණිජ සංස්කරණය වූයේ වර්ෂ 2008 සැප්තැම්බර් 23 වැනි දින නිකුත් කළ ඇන්ඩ්‍රොයිඩ් 1.0 ය. මෙම මෙහෙයුම් පද්ධතියෙන් පණ ගැන්වුණු පළමු උපාංගය වන්නේ එච්ටීසී ඩ්‍රීම් (HTC - Dream - G1) ස්මාට් ෆෝනයයි.

මෙතැන් පටන් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ නව සංස්කරණයන් එළිදැක්විණ. ගූගල් ආයතනයේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ සංස්කරණ අංකයට අමතරව මේ සදහා විශේෂිත නාමයන්ද යෙදීම ඔවුන්ගේ සිරිතය. ඒ අනුව මොවුන් මෙය නොයෙකුත් රසකැවිලි වල නම් වලින් මෙය නම් කර තිබෙයි, ඒවා මෙසේය,


  •        Android 1.5 - Cupcake  2009 අපේ‍්‍රල් 30          

  •      Android 1.6 - Donut  2009 සැප්තැම්බර් 15

  •       Android 2.0 - Eclair 2009 ඔක්තෝම්බර් 26    

  •      Android 2.2 - Froyo  2010 මැයි 20

  •       Android 2.3 – Gingerbread  - 2010 දෙසැම්බර් 6

  •       Android 3.0 - Honeycomb 2011 පෙබරවාරි 22

  •       Android 4.0 - Ice Cream Sandwich2011 ඔක්තෝම්බර් 19

  •       Android 4.1 - Jelly 2012 ජූලි 9
ආදී වශයෙන් මෙය අකාරාදී පිළිවලින් නම් කර තිබේ. මොවුන්ගේ මෙම සංස්කරනයෙහි විශේෂත්වය වන්නේ , ස්මාට්ෆෝන් සදහා මෙම සංස්කරණයක්ද (ජින්ජර්බ්‍රේඞ්) වගේම ටැබ්ලට් පරිගණක සදහා වෙනම සංස්කරණයක්ද (හනිකෝම්බ්) ලෙස සංස්කරණයන් දෙකක් භාවිතා වූ මෙහෙයුම් පද්ධතිය, මෙම ස්මාට්ෆෝන් සහ ටැබ්ලට් යන දෙවර්ගයේම භාවිත කරන්නට හැකි අයුරින් නිර්මාණය කරලීමයි.

මෙම Android 4.0 හෙවත් අයිස්ක‍්‍රීම් සැන්ඩ්විච්හි අපට පැහැදිලිව දකින්න පුළුවන් වෙනස්කමක් ලෙස නම් කරන්න පුළුවන් වෙන්නෙ, මෙහි භාවිත වන Font එක, HD ස්ථිරවලත් පැහැදිලිව දකින්න පුළුවන් ආකාරයෙන් මෙහි ෆොන්ට් එක වෙනස් කර තිබේ, ඒ වගේම මූලිකය තිරයේ භාවිත කරන විට අවශ්‍ය පරිදි ලොකු කුඩා කරගැනීමට පුළුවන් ආකරයෙන් නිර්මාණය කර ඇත. පෙර සංස්කරණවලට වඩා යතුරු පුවරුව දියුණු කර තිබෙන අතර නොටිෆිකේෂන් වඩාත් සිත් ගන්නා සුළු ආකරයෙන් පෙන්වීමට මෙය වැඩි දියුණු කර තිබේ.

එමෙන්ම Google Android සතුව විවිධ නව එකතු කිරීම් තිබේ, මෙහිදී තවත් වැදගත් වෙනස්කමක් සිදු කර තිබේ, ඒ සොෆ්ට් කී ලෙස හැදින්වෙන විශේශාංගය, මෙමගින් පාලන බොත්තම් නොමැති දුරකතනයක වුවත් මෙම සොෆ්ට් කී එක භාවිත කරමින් මෙහෙයුම් පද්ධතිය පාලනය කිරීමේ හැකියාව පවතියි. මේවා තිරය මත පවතින ස්පර්ශ සංවේදී බොත්තම් ලෙස ක‍්‍රියා කරමින් අපගේ එදිනෙදා කටයුතු පහසු කරවයි.

එමෙන්ම මෙහි ඇන්ඩ්‍රොයිඩ් තුළ ඇතුළත් වන වෙබ් බ‍්‍රව්සර් එක ද නවීකරණය කර තීබේ. මෙහි දී එකවර Tab 16ක් විවෘත කර ගත හැකිය. මීට අමතරම  Google Chrome Browser සතු Bookmark සමග සම්බන්ධ වීමට හැකි අයුරින් නිර්මාණය කර තිබීම විශේෂයි. මීට අමතරව Gmail සහ Calender ඇප්ලිකේෂන්ද නවීකරණය කර තිබේ.

මෙම අයිස්ක‍්‍රීම් සැන්ඩ්විච් නව සංස්කරණයට එකතු වූ තවත් විශේෂ පහසුකමක් වන්නේ, Android Beam තාක්ෂණයයි.NFC නමින් හදුන්වන ආසන්න වස්තු අතර තොරතුරු හුවමාරු කිරීම Android Beamලෙස නම් කර තිබේ, මේ අනුව  යහළු යෙහෙළියකගේ දුරකතනයත් සමග වීඩියෝවක්, වෙබ් පිටුවක්, නම්බර් එකක් හුවමාරු කිරීම සදහා කළ යුත්තේ, අදාල දුරකතනය පොඩි තට්ටුවක් දැමීම පමණයි. එහිදී එය අනෙකුත් දුරකථන සමග හුවමාරු කරගැනීමේ හැකියාව පවතී.

මුහුණ හදුනාගැනීමේ (Facial Recognition) පහසුකම ද ඇතුළත් කර තිබේ, මේ නිසා ඔබේ දුරකතන Unlok කිරීම වඩාත් පහසුය. කැමරාවට මුහුණ පෙන්වූ විට ඔබේ දුරකතනය Unlok කරගැනීමට හැක. ඒ වගේම කටහඩ හදුනා ගැනීමේ තාක්ෂණයද වැඩි දියුණු කර තිබේ. මෙම නිසා ඔබගේ කටහඩ ක්ෂණිකව වචන බවට පෙරළීමට සමත් ආකාරයෙන් නිර්මාණය කර තිබේ. http://x.co/mobiles 
මෙම නව එකතු කිරීම් සමගින්, දැනට HP සමාගමේ Galaxy Nexusස්මාට් දුරකතන මෙම නව මෙහෙයුම් පද්ධතිය භාවිත කරයි. ඉදිරියේ දී පැමිණෙන දුරකතන සමග මෙය  අත්විදීමට හැකි වෙයි. 

අද ලොව තිබෙන සමස්ත ටැබ්ලට් පරිගණක ගත්විට ඒවයෙහි 17% පමණ අඩංගු වන්නේ ඇන්ඩ්‍රොයිඞ් මොබයිල් මෙහෙයුම් පද්ධතියයි. ස්මාට්ෆෝන් ගත් විට ඒවා අතරින් 43% පමණ දුවන්නේ ඇන්ඩ්‍රොයිඞ් මොබයිල් මෙහෙයුම් පද්ධතියෙනි. ගෙවී යන සෑම තප්පරයක් පාසාම විකිණී යන ඇන්ඩ්‍රොයිඞ් සහිත ස්මාට් ෆෝන් සංඛ්‍යාව 13 කි. එනම්  දිනකදී අලෙවි වන ඇන්ඩ්‍රොයිඞ් සහිත ස්මාට් ෆෝන් ප‍්‍රමාණය පන් ලක්ෂ පනස් දහසකට වඩා වැඩියි. ඒ අනුව ලෝකය පුරා ඇන්ඩ්‍රොයිඞ් ජංගම උපාංග ගණන විසිකෝටියකි. මිලියනවලින් නම් 200 කි.


--චාමලී වනිගසිංහ--

පංචශීලය