Search This Blog

Tuesday, July 10, 2018

ශරීරය පිළිකාවලින් වළක්වා ගැනීමට ගත යුතු ආහාර....

 ශරීරය පිළිකා වලින් වළක්වා ගැනීමට ගත යුතු ආහාර....




පිළිකා රෝගයට ගොදුරුවීම වැළැක්වීම සඳහා සමාජය දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවයක් වන හෙයින් ඒ පිළිබදව මෙසේ දැනුවත් කරමි. 

කල් අල්ලා පවතින කැස්ස, කටහඩ ‍වෙනස් වීම, සුව ‍නොවන තුවාලයක් ගැටයක්, ලපයක් ‍හෝ ඉන්නකු‍ගේ හදිසි ‍වෙනස් වීමක් ‍හෝ සීඝ්‍ර වර්ධනයක්, පියයුරු ‍‍හෝ අන් තැනක ගැටයක් ඝනවීමක්, කල් අල්ලා පවතින අජීර්ණ, දිගටම පවතින උණ, ‍ලේ හිඟකම හා  ශරීර‍යේ බර අඩුවීම, මලපහ සමඟ ලේ පිටවීම වැනි ලක්ෂණ හෝ ශරීරයේ දිගටම පවතින යම් වෙනසක් ඇතිනම් වහාම ‍වෛද්‍යවර‍යෙකු ‍වෙත ‍ගොස් උප‍දෙස් ලබා ගන්නග. මෙහි දී කරණු ලබන විශේෂ පර්යේෂණ මගින් පිළිකාවක්දැයි හඳුනා ගැනීමට හැකි වනු ඇත.

බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව පිළිකා රෝග සදහා ශල්‍ය , පිළිකා නාශක ඖෂධ විකිරණ හා හෝමෝන යන ප්‍රතිකාර විධි සියල්ලක්ම අනුගමනය කෙරේ. පිළිකා සදහා ප්‍රතිකාර කිරීමේදී පිළිකාවේ වර්ගය, ඒ වන විට පිළිකාව පවතින තත්ත්වය වයස හා ප්‍රතිකාරවලට දක්වන සංවේදීතාවය ආදි කරුණු සැලකිල්ලට ගනී.
දේශීය වෙදකමට අනුව පිළිකාව අර්බුදයක් ලෙස හඳුන්වයිග‍. මුලින්ම හඳුනා ගැනීමෙන් අර්බුදයක් සහමුලින්ම ඉවත් කළ හැකිය. ශල්‍යල ශස්ත්‍ර ලක්ෂාරග අග්නි හා ඖෂධ මගින් අර්බුදය සමුලඝාතනය කිරීමටත් එසේ නොවුනහොත් එය නැවත නැවත වැඩෙන බවත් විෂ හා අග්නිය මෙන් රෝගියා නසන බවත් ,භෛජ්‍ය රත්නාවලී, නැමති වෛද්‍ය ග්‍රන්ථයෙහි සඳහන් වේ.
නමුත් වර්තමානයේ දේශිය වෛද්‍ය ක්‍රමයට අනුව පිළිකා ප්‍රතිකාර සදහා බොහෝ විට ශාක ඖෂධ භාවිත කරනු ලබයි. ශාක ඖෂධ විෂ රහිත වන අතර අතුරු ආබාධ නොමැති බැවින් ප්‍රවේශම් සහිතව දීර්ඝ කාලයක් ලබා දිය හැකිය. මෙම ශාක ඖෂධ විවිධ ආකාරයෙන් ක්‍රියාකර පිළිකා නැසීමට සහාය වේ. එනම් පිළිකා ඇතිකරන රසායන ආදියෙහි විෂ නැසීම වැඩි කිරීම, ප්‍රතිඔක්සිකාරක ක්‍රියාවල අර්බුද අඩුකරන ප්‍රෝටීන් නිපදවීම, ඩී.එන්.ඒ ක්‍රියා සමතුලිත කිරීම, සෛලයන් අතර සම්බන්ධතාවය ප්‍රකෘතිමත් කිරීම, ස්ථානිකව සහ ශරීරයේ පැතිරීම වැළැක්වීම, ප්‍රතිශක්තිකරණ ශක්තිය වර්ධනය කිරීම සිදු කෙරේ.

අපගේ සිරුරු වල දුර්වල සෛල ඇති නමුදු පිළිකා ගැටිති බවට පත් වන්නේ ස්වල්ප දෙනෙකුගේ සෛලයන් පමණි. සිරුර සතුව ඇති ආරක්ෂණ යාන්ත්‍රනයක් මගින් අපගේ සිරුර  ආරක්ෂා කරයි. පිළිකාවන්ට එරෙහිව සටන් කිරීමට අප සිරුරේ  ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කළ යුතු අතර පටක ආක්‍රමණය කිරීමට පිළිකාවන්ට අවශ්‍ය තත්ත්වයන් අඩුකර පිළිකාකාරක ගැටිති වර්ධනය කිරීම සදහා පිළිකාවට අවශ්‍ය කරන අළුත් රුධිරවාහිනී වැඩිම අඩු කළ යුතුය. මෙහි දී  පිළිකා සෛල වර්ධනය කරන සුදු සීනි,  තිරුඟු පිටි හා සත්ත්ව මේදය  අඩංගු ආහාර ගැනීම අවම කළ යුතුය.

අප එදිනෙදා ගන්නා බොහෝ ආහාරයන්ද මේ සඳහා වු ඖෂධ ලෙස ක්‍රියා කරයි.

විවිධ වර්ණ සහිත ආහාර එනම් කැරට්, තක්කාලි, බීට් වැනි එළවළු වර්ගවල ද ගොටුකොළ, සාරණ, සලාද, රතු වියලි මිරිස් මෙන්ම සුදුරු, මාදුරු, උළු හාල්, කහ, එනසාල්, කරාබු නැටි, කුරුඳු, ගම්මිරිස්, සුදුළුණු වැනි කුළු බඩු වර්ගවලද  පිළිකා නාශක ගුණ අඩංගු වේ. ඉරමුසු, නෙල්ලි, රසකිඳ, පොල්පලා, හාතාවාරිය වැනි ඖෂධීය පානයන් පිළිකා නාශක ගුණයෙන් යුතු වන අතර ප්‍රතිශක්ති ජනන  ගුණයෙන් ද යුක්තය.


දෙහි, දොඩම්, නාරං, බෙලි කටු, අනෝදා, මුද්දරප්පලම්, දෙළුම්, අලිගැටපේර වැනි පලතුරු වර්ගද  කුඩා මාළු වර්ගද, කෙදි සහිත ආහාර එනම් කොහිල, පලා වර්ග, කෙසෙල් මුව වැනි ආහාර පිළිකා නාශක ගුණයෙන් යුත් ආහාරයන්ය. එහෙයින් වස විස නැති මෙවැනි ආහාර රටාවකට හුරු වීම තුලින් පිළිකා වැළදීමේ අවදානම අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.


👉  පිළිකා හටගැනීමෙන් ආරක්ෂා වීම සදහා  අපගත යුතු ආහාර  කිහිපයක  අඩංගු ගුණ  

  •  සුදුළුණු 

පැරණි ඖෂධයක් වන සුදුළුණුවල අඩංගු ගෙන්දගම් සංයෝගයෙන් දුම්කොළ හා අධික ලෙස පුළුස්සන ලද මස්වල ඇති පිළිකාකාරකයන් අඩුකර මහබඩවැල, පියයුරුල, පෙනහළු, වකුගඩු හා පුරස්ථි ග්‍රන්ථි ආදියෙන් හටගන්නා පිළිකාවන්ට හා ලියුකේමියාවට එරෙහිව සටන් කරයි. පිළිකා සෛල සීමා කිරීමට උපකාරවන රුධිර සීනි මට්ටම ද මෙමගින් විධිමත් කරයි.
  •   කහ

ව්‍යංජන වල කහපැහැය ඇතිකරන ප්‍රධාන කුළුබඩුව වන  "කහ" මගින් පිළිකා වැඩීම වළක්වාලයි. මෙමගින් මහබඩවැල, අක්මාව, ආමාශය, පියයුරු හා ඩිම්බකෝෂ  පිළිකාවන් සමගත් ලියුකේමියාවට   එරෙහිවත් සටන් කරයි. නිතිපතා කහ ආහාරයට ගන්නා ඉන්දියානුවන්ට  බටහිර ජාතීන් සමග සසදන විට පෙනහළු පිළිකා වැළදීමේ අවධානම අටෙන් එකකින් අඩුය.
  •   වම්බටු 

වම්බටු ටර්පේන්  (Terpenes) ලබාගතහැකි හොදම ආහාරයකි. පටකයන් ආක්‍රමණය කිරීමට පිළිකා සෛල වලට අවශ්‍ය එන්සයිම අවහිර කිරීම සිදුකරයි. රොස්මේරි හා මිංචි මගින්ද ටර්පේන් බහුලව ලබාගතහැකි වේ.
  •  මල්ගෝවා

මේවායෙහි Sulforaphane සහ Indole/3(arbinols(13c) අඩංගු වන අතර පිළිකාකාරක ද්‍රව්‍යන්ගේ විෂ නැසීමට සමත් ප්‍රතිපිළිකාකාරකයකි. 
  • මුහුදු පැළෑටි

මුහුදු පැළෑටිවල  පුරස්ථි ග්‍රන්ථි, සමේ සහ මහබඩවැල පිළිකා වර්ධනය වීමේ වේගය අඩුකරන අණුක අඩංගු වේ.
  •  කොළ තේ

පිළිකා ගැටිති වැඩීමට අවශ්‍ය අළුත් රුධිර වාහිනී වැඩීම අවහිර කරන Epigallocatechin, Gallate (EGCG)  අඩංගු වේ.
  • තද දුඹුරු පැහැති චොක්ලට්

කොකෝවා 70‍්‍% කට වැඩි ප්‍රමාණයක් අඩංගු චොක්ලට්වල පිළිකා සෛල වැඩීමේ වේගය අඩු කරන Proauthocyanidins  සහ Phyphenols  යන ප්‍රතිඔක්සිකාරක අඩංගු වේ.

  • තක්කාලි
පිළිකා වැඩීමේ වේගය අඩුකරන හා ග්ලියෝමා නම් මොළයේ පිළිකා ගැටිති වලට එරෙහිව සටන් කිරීමේ ශක්තිය ඇති විටමින් ඒ සහ ලයිකොපේන් අඩංගු වේ. 

  • දොඩම් යුෂ
මේවායෙහි පුරස්ථි පිළිකා වර්ධනය වීම වළක්වාලන සංඝටක අඩංගු බව හෙළිවී ඇත.

ශ්‍රී ලංකාවේ දේශිය වෛද්‍ය ක්‍රමය හැරුන විට වෙනත් රටවල වෛද්‍ය ක්‍රම මගින්ද පිළිකා රෝගීන්ට යම් යම් සහන සලසයි චීන කටු චිකිත්සාව මින් එක් ක්‍රමයකි. චීන කටු චිකිත්සාව මගින් පිළිකා රෝගීන්ගේ දැඩි වේදනාව ඖෂධවලින් තොරව පාලනය කළ හැක.

ස්වභාවික වෛද්‍ය විද්‍යා හෙවත් නැචුරොපති ක්‍රමය ස්වභාවික ඖෂධ ජලධාරා ප්‍රතිකාර, ව්‍යායාම හා චිත්ත සමාධි ක්‍රම මගින්ද පිළිකා රෝගීන්ට සහන සැලසිය හැකි අතර හෝමියෝපති වෛද්‍ය ක්‍රමයෙන්ද පිළිකා නාශක ඖෂධ රැසක් හදුන්වා දී ඇත.





--චාමලී වනිගසිංහ--

1 comment: